පොටෝ ඇතුලේ හොරාට ෆයිල් හන්ගමු [noob friendly]

Posted by : C0d3_X Tuesday, December 16, 2014

යෝ යෝ වෙන්නම වැදිලා ඉන්න වෙලාවක මම මගේ බ්ලොග් එකේ පලවෙනි මෙව්වා ඒක ලියන්න යන්නේ. ඕන් එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්ත ඇ.  _/\_


මේකේ  අපි කරන්න යන්නේ සාමාන්‍ය පොටෝ එකක් (ඒ කිව්වේ JPG / JPEG වගේ ඕනම පොටෝ වර්ගයක් )  ඇතුලට  අපේ ලග තියෙන ෆයිල් ටිකක් ඔබන ඒක.. ඒක සාමන්යෙන් උබ උබේ ලග තියෙන file ටිකක් compress කරලා rar  file එකක් ඇතුලට දානව වගේ වැඩක්. හැබැයි එට වඩා පට්ට ආතල් බං ඒක  open කරන විදිය  බැලුවම  :D ... මේක කරන්න කලින් winrar කියන සොෆ්ට්වෙයාර් එක  මැෂිමේ  තියෙන්න ඕන . winrar නැති මැෂිමක්  ලුණු නැති හොද්දක් වගේ :p උබේ මැෂින් එකෙත් winrar නැත්නම් ඉස්සෙල්ල ඒක මෙතනින් බාගෙන install  කරගෙන වැඩේට බහින්න...  WinRAR Download

 මේ වැඩේ අත්හදා බලන්න මං  f:/ drive එක  පාවිච්චි කරන්නේ.  උබල මේක කරන කොට ඕන disk එකක ඕන folder එකක් අස්සේ කරලා බැලුවට කමක් නෑ  :-_-: ඉස්සෙල්ලම  අපි  අපිට හංගන්න ඕන ෆයිල් ටික දාල folder එකක් හදාගන්න ඕන. folder එකේ නමට මෙතැනදී "hide" කියල  දෙන්න .



දැන් අපිට  එලියට  පේන්න ඕන  පොටෝ ඒකත්  අර hide කියන folder ඒක හදපු තැනටම copy  කරගන්න.. දැන්  ඔක්කොම පෙන්න ඕන  මේ වගේ.



හරි එහෙනම්... ඊලගට අපිට තියෙන්නේ  hide කියන folder ඒක archive කරගන්න .  ඒකට hide කියන folder ඒක right-click  කරලා Add to "hide.rar"  කියන ඒක  click කරන්න...



දැන්  ඔයාලගේ folder එකේ hide , hide.rar , image.jpg කියල  item තුනක් ඇති. ඒ කියන්නේ අපේ වැඩෙන්  70%ක්  ඉවරයි :D ...


දැන්  cmd ඒක open කරගෙන (Windows key+R)  අපි අර file තුන හදාගතපු folder එකට යන්න ඕන. මගේ නම් ඒ folder තුන තියෙන්නේ නිකන්ම F:/ පාර්ටිෂන් එකේ නිසා cmd එකේ "F:" කියල ගැහුවහම ඇති.  උබල folder ඒක හැදුවේ  වෙන drive එකක subfolder එකක් ඇතුලේ නම් ඉතින් පොඩ්ඩක් වටෙන් යන්න වෙයි   මේ වගේ :(  ..
   *. ඉස්සෙල්ලම පාර්ටිෂන් එකේ නම මේ වගේ :- "D:"
   *. දැන්  cd කියල   අදාළ folder එකේ නම ගහන්න ඕන මේ වගේ  :-  "cd folder1/subfolder"
   *. එතකොට D:/folder1/subfolder කියන path එකට  වැටෙයි  :D

හරිනේ එහෙනම් . දැන්  කොහොම කොහොමහරි අපි ඉන්නේ අපේ අර කලින් හදාගත්තු ෆයිල් තුන තියෙන folder එකේ. දැන් මෙන්න මේ command එක type කරලා enter කරන්න ඕන .

copy/ b එලියට_පේන්න_ඕන පොටෝ_එකේ_නම.jpg + archive_කරගත්ත_file_එකේ_නම.rar    උබට_කැමති_නමක්.jpg

උදාහරණයක් විදියට මෙන්න මෙහෙම ...

copy/ b image.jpg + hide.rar output.jpg


දැන් අර  folder එකට තව file එකක් add වෙලා ඇති  අපි අර code එකේ අන්තිමට දාපු නමෙන්. (output.jpg  කියලා  ) ඒක තමයි අපේ final   file  එක.

දැන් වැඩේ ඉවරයි. output.jpg කියන file ඒක ඇර  අනිත් ඔක්කොම file ටික delete කරලා දාන්න .. දැන්  අපි  output.jpg කියන  file ඒක open කරොත් අපිට අර පොටෝ එක තමයි  පෙන්නේ..   :D

එහෙනම් අපි යනවා . ඇහ හුටා .. අර හංගපු file ටික ආයෙත්  අපිට ඕන වෙලාවට බලන හැටි කියන්න බැරි උනානේ ... අපි ඇතුලේ හංගපු file ටික ආයෙත්  බලන්න ඕන නම් අර output.jpg කියන file එක right-click කරලා open with >> WinRAR දෙන්න.  එතකොට අරි අර ඇතුලට බස්සපු file ටික  winrar වලින් open වේවි...  :D

****  Usage :- තමන්ගේ මැෂින් එකේ තියෙන එක  එක  පෞද්ගලික දේවල් හංගන්න පුළුවන්, කෑල්ලට අහු නොවෙන්න අනිත් පොඩි පොඩි item වල පොඩි පොඩි මෙව්වා කෑලි හංගන්න පුළුවන්  කොටින්ම කිව්වොත් වැලක් තියෙන file එකක image ඒක උනත්  කිසි අවුලක් නැතුව projector එකක දාල  ගමටම  පෙන්නන්න පුළුවන්  :D  ****

එහෙනම් අදට එච්චරයි. අපි කැපුනා ...   :D
ජය ශ්‍රී ~/

DMCA.com Protection Status
Theme developed by මම. B|
All Rights Reserved for Si13n7Unic0rn Blog © 2015