WEP,WPA/WPA2-PSK (All Kinds of Wi-Fi) Cracking

Posted by : C0d3_X Wednesday, August 5, 2015

ආයුබෝවන් නමස්තේ ඇන්ඩ් වෙල්කම් වේවා!

මේ දවස් ටිකේම පොඩි පොඩි වැඩ වගේක හිරවෙලා හිටිය නිසා මොනත් ලියන්නත්  බැරි වුනා. දැන්නම් පොඩ්ඩක් නිදහස් නිසා Wi-Fi ගැන පොඩි පොස්ට් එකක් ලියලම දාන්න හිතුනා.  :D

ඉස්සෙල්ලම Wi-Fi කියන්නේ මොකක්ද කියල බලමු.

Wi-Fi හෙවත් local area wireless technology කියන්නේ UHF2.4 / SHF ISM 5GHz කියන් protocal දෙකට අනුගතව නිර්මාණය කරපු සාමාන්‍ය රේඩියෝ තරංග වර්ගයක්.  ඒවගේම අපි පාවිච්චි කරන හැම wifi divice එකටම වගේ Wifi Certifricate එකක් තියෙනවා. මේ Certifricate එක ලබා දෙන්නේ IEEE 802.11 ප්‍රමිතියට අනුව device එක හදල තියෙනවනම් WiFi Alliance කියන සංවිධාය මගින්. තව කියනවනම් මේ wifi කියන ලෝගෝ එක wifi alliance සංවිධානයේ වෙළද සලකුණත් වෙනවා. "The Wi-Fi CERTIFIED trademark can only be used by Wi-Fi products that successfully complete Wi-Fi Alliance interoperability certification testing." කියල තමයි උන් කියන්නේ  . :D

PC , game consoles , smartphones , digial cameras , printers , tablet computers වගේ  දැන් අලුතෙන් එන හැම device එකක්ම net එකට connect වෙන්න use කරන්නේ wifi technology එක. සාමන්යෙන් wifi hotspot එකක ඉදල අඩි 66ක් (ඒ කියන්නේ 20 meters) වගේ  දුරකට wifi signal අහුවෙනවා.

දැන් එතකොට wifi hack කරන්නේ කොහොමද?

WiFi hack කරන්න නම් ටිකක් අමාරු වෙයි. හැක් කරා කියල ඔයාලට ලැබෙන දේකුත් නැ බලන් ගියාම,  Radio wave එකක් හැක් කරලා මොනවා කරන්නද ඉතින්?  :v

එහෙනම් මොනවද කරන්න ඕන?

මෙහෙමයි, Hacking & Cracking කියන්නේ වචන දෙකක්. කාගෙහරි WiFi connection එකකට සෙට් වෙන්න නම් අපිට පුළුවන් උගේ conncetion එක crack කරන්න.

WiFI crack කරන්න නම් පට්ට වැඩ කාරයෙක් වෙන්න ඕනද?

එහෙම එකක් නෑ. තක්ශනේ දියුණුවත් එක්කම ඉස්සර command මතක තියාගෙන කරපු දේවල් එක click එකකින් කරන්න පුළුවන් තරමට දියුණු වුනා. සාමන්යෙන් අනාරක්ෂිත wifi connection එකක් crack කරන්න නම් paint වලින් චිත්‍රයක් අද ගන්න දන්න කෙනෙක්ට වුනත් පුළුවන්.

දැන් එතකොට WEP,WPA වගේ ඕනෑම නෙට්වර්ක් එකක් crack කරන්න පුලුවන්ද?

ඔව් 100% ක් පුළුවන්.

හැක් කරා කියල හැකර්ට මොනවද ලැබෙන්නේ?

1. නොමිලේ ඉන්ටෙර්නට් පාවිච්චි කරන්න පුළුවන්.
2. ඔයාලගේ  wifi network එක හරහා  ඔයාල ලොග් වුනු facebook , gmail , bank accounts වගේ එකවුන්ට් වල පාස්වර්ඩ් ගන්න පුළුවන් (Sniffing)
3. ඒ wifi connection එක හරහා කනෙක්ට් වුනු device වලට අනවසරෙන් ඇතුල් වෙලා file උස්සන්න , වෙනස් කරන්න වගේ ඕනෑම කුණු වැඩක් කරන්න පුළුවන්.
4. Skype වගේ VOIP සංවාද වලට හොරෙන් සවන්දෙන්න පුළුවන්. (man in the middle attack)
5. තව ඔයාලගේ PC වල run වෙන service වලට රින්ගන්නත් හැකර්ට පුළුවන්.

ඉස්සර කාලේ wifi නෙට්වර්ක් එකක් crack කරන්න නම් networking, handshking methods ,layer types ,sniffing , injection වගේ ගොඩක් දේවල් ගැන දැනගෙන ඉන්න වුනා. එත්  දැන් තියෙන tool වලින් නම් අදාළ නෙට්වර්ක් එක select කරලා crack කියන බට්න් එක එබුව ගමන් pwd crack වෙලා එන තරමට දියුණු වෙලා තියෙන්නේ.  එක තමයි මන් කලින් කිව්වේ  සාමාන්‍ය wifi crack කරන්න ලොකු දැනුමක් ඕන වෙන්නේ නැ කියල.   :D මෙන් බලපන් මේක දැකලත් ඇති උබල  :P



wifi networks වල  security අතින් බලනකොට WEP network තමයි දුර්වලම .  එත්  තවමත් ලංකාවේ 10%ක් විතර use කරන්නේ WEP :D

wifi නෙට් එකක් crack කරන්නනම් අපිට පොඩි පොඩි මෙව්වා ටිකක් ඕන වෙනවා.
ඒ කිව්වේ cracking suppoet කරන wifi adapter එකක් සහ Monitoring & Injection සපෝර්ට් කරන හොද card එකක්.මේවා ebay එකේ ඕනෑතරම් විකුනන්න තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. මේ කිසි දෙයක් ලංකාව ඇතුලේ legal නෑ. අහු වුනොත් ගස් තමයි ඇ  :D



ඉස්සෙල්ලම  network scan එකක් දීල වටේම තියෙන නෙට්වර්ක් ටික අල්ලගන්න ඕන. card එකෙනුයි ඇන්ටනා එකෙනුටි නෙට්වර්ක් එකට clientලාගෙන් එන traffic බලල ivs එකතු කරගන්නවා. අදාළ නෙට්වර්ක් එකට සම්බන්ද වෙන clients ල ගණන අනුව තමයි නෙට්වර්ක් එකේ sercurity  තීරණය වෙන්නේ. නෙට්වර්ක් එකට සම්බන්ද වෙන clients ගණන වැඩි වෙන තරමට ivs ඉක්මනින් එකතු කරගන්න ලේසි. :D



අන්තිමට එන hex වලින් එන password එක උබලට තේරෙන සිංහලෙන්ම බලාගන්න ඕන නම් Hex to Ascii කන්වර්ටර් එකකින් කන්වර්ට් කරගන්න වෙනවා.


හරි,  මට මේකෙන් උබලට කියන්න ඕන වුනේ කවදාවත් උබලගේ router එකට WEP Auth type එක use කරන්න එපා කියල.  නැත්නම් ඉතින් data ටික සුනාමි වෙලා යයි.  :)

දැන් WPA ගැන බලමුකෝ.

WPA කියන්නේ දැනට තියෙන auth type වලින් ටිකක් ආරක්ෂාකාරී විදියක්. WPA2-PSK වල තමයි දැනට හොදම security එක තියෙන්නේ.
WPA වල key එක WEP වලදී වගේ ලේසියෙන් decrypt කරන්න බැ. WPA වලදී  4 way authentication කියල advance encryption system එකක් use කරනවා.



මොනවා use කරත් key එක කොහෙහරි save වෙලා තියෙන්න ඕනනේ. ඉතින් මේක කඩන්න නම් අපිට ඉවසීම ඕන වෙනවා. එකට කරන්නේ කවුරුහරි Client කෙනෙක් wifi network එකට connect වෙනකන් ඉදලා උගේන් යන handshake එක file එකක් විදියට capture කරගන්නවා.  වැඩේ හරිනම් මේ විදියට file එකක් capture කරන්න පුළුවන්  :D



ඊලගට කරන්න තියෙන්නේ මේ තියෙන file එක crack කරලා ඒකෙ ඇතුලේ තියෙන wifi password එක එලියට ගන්න එක. :P මේකට අපිට ටිකක් ලොකු wordlist එකක් ඕන වෙනවා. (wordlist attack ගැන දන්නේ නැත්නම් google දෙයියාගෙන් අසා දැනගනු මැනවි. )

මේ තියෙන්නේ මම use කරන ලිස්ට් එක.



වැඩිය නෑ ගිගා බයිට් 33ක් විතර තමයි තියෙන්නේ  :P excract කරහම 100-150GB වගේ වෙන්නේ  :o

සැයු:- මේ wordlist crack කරන එක සාමාන්‍ය මැෂින් එකක කරන්න හිතන්නවත් එපා. i7 එකක්වත් තියේනම් විතරක් ට්‍රය් කරපන්. නැත්නම් processor overload වෙලා මැෂිම හබාහ් ගාල off වෙයි ඇ  :P

දැන් උබලට wifi cracking ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇතිනේ. නිකන් බොරුවට wifi hack කරන්නේ කොහොම්මද කොහොමද කියල ඇහුවට වැඩක් වෙන්නේ නැ. ඉස්සෙල්ල මේක හොදට අධ්‍යයනය කරපන්. wifi කියන්නේ wide subject එකක් . උබම තනියම හොයා හොයා ඉස්සරහට පලයන්. මේක කරන්නේ මෙහෙමයි කියල කොහෙවත් කියල දෙන්නේ නැ. තමන්ම හොයාගන්න ඕන.  තව එකක්. මන් මෙතන crack කරන්න කියල දුන්නේ නැ. මෙතන තියෙන වචන දෙක ටික පොඩ්ඩක් google එකේ ගහල බලපන්. උබට මේක අල්ලගන්න පොඩි පොඩි පොඉන්ට් ටිකක් අහු වෙයි. මෙතන මන් දාල තියෙන එක screenshot එකක්වත් හැකින් tools නෙමෙයි. මේවා penetration testing වලට use කරන tools විතරයි. මේවා නොදැනුවත්ව use කරොත් අනිවා අහුවෙනවා . :)

එහෙනම් අපි කැපුනා.
ජය ශ්‍රී  ~/

අහ. මතක අතුවේ උබලගේ wifi password එකට '!~@#$%&' වගේ symbols ටිකකුත් use කරන්න. නැත්නම් ඉතින් සොරි තමයි. :D

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

DMCA.com Protection Status
Theme developed by මම. B|
All Rights Reserved for Si13n7Unic0rn Blog © 2015